Friday, June 8, 2018
ඔබේ ඉරණම ලියන්නා ඔබ ය.
මිනිසෙක් ලෙස උපත ලැබූ අප කාටත් ප්‍රශ්න ඇත.ප්‍රශ්න නැති මිනිසුන් මේ ලෝකයේ නැතැයි අපිට කොහෙත් ම සිතන්නට බැරි ය.එහෙත් ප්‍රශ්නවලට අපේ ජීවිතය තීරණය කරන්නට ඉඩ දිය යුතු නැත.ජීවිතයේ අප ලබන සුඛ දුක්ඛ අත්දැකීම් සියල්ල අප ගේ සුඛ විහරණය පිණිස අප ම සාධාරණීකරණය කර ගත යුතුය.ජීවිතයේ පහසු අවස්ථා සන්තුෂ්ටිය යැයි කියා සරල ව සිතිය හැකි වුව ද,දුෂ්කර අවස්ථා දෝමනස්සයන් යැයි කියා අමතක කළ නොහැක.එහෙයින් ඒ සෑම දුෂ්කර අවස්ථාවක් ම ජීවිත අත්දැකීම් යැයි සිතා පරිණත බුද්ධියෙන් සිතන්නට අපි උත්සහ ගත යුතු වන්නෙමු.
ඒ පරිණත බුද්ධිය ලබන්නට එබඳු බුද්ධිමය ප්රභාවක් තිබූ මිනිසුන් ගැන අප කියවා තිබිය යුතු ය. මේ මාධ්‍ය ක්ෂේත්රය උඩුයටිකුරු කළ අපූරු මිනිසෙකුගේ කතාවකි.
අපේ කතා නායකයා ධනවත් පවුලක උපත ලැබූ උත්සාහවන්ත මිනිසෙකි. පියා ධනවත් අයෙකු වුවද ඔහු තරුණ වයසේදී ම ගෙදරින් පැන යන්නට මාන බැලූ අයෙකි.වයස අවුරුදු 17දී පමණ හේ හමුදා සේවයට බැඳෙන්නට සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටිය ද ඔහුගේ බලාපොරොත්තු සුන් වී ගියේ,ඔහුගේ දුබල පෙනුම නිසා ය.කිසිසේත්ම ජීවිත අපේක්ෂාවන් සුණු නොකර ගත් හෙතෙම ජීවිතය පිළිබඳ ස්ථිර බලාපොරොත්තු දල්වා ගෙන සිටියේ ය. ඔහු ඉන්පසු ජර්මනියේ බොස්ටන් නුවරට පැන ගත්තේ ය.ජීවිතය පිළිබඳ නව මං සොයා ගිය හෙතෙම එහි පුස්තකාලයකින් ඉංග්‍රීසි හා නීතිවිද්‍යාව හදාරන්නට විය.
දිනක් එහි චෙස් ක්‍රීඩා කරමින් දෙදෙනෙකු අතරට ආ මේ අපූරු මිනිසා අයෙකුගේ ජයග්‍රහණය සඳහා උපායශීලී මාර්ගයක් පෙන්වා දී ඇත.ඒ චෙස් ඇදීමේ නිරත වූ දෙදෙනා කවරෙකුත් නොව,ජර්මනියේ ප්‍රධාන පුවත්පතක කර්තෘ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකි. මොහු පිළිබඳ මවිතය පළ කළ ඔවුන් අවසානයේ දී සිය පුවත්පතට ඔහුට ආරාධනා කළේ ය.අපේ කතාවේ කතා නායකයා පුවත්පත් කලාවට අවතීර්ණ වන්නේ මෙතැනිනි.ඔහු දිව රෑ නොබලා වෙහෙස මහන්සි වෙමින් කටයුතු කළේ ය.කලක් කොටලුවන් බලා ගනිමින්,ගමන් මලු ගෙන යමින් කටයුතු කළ ඔහු තුරුණු වියේදීම පුවත්පත් ප්‍රකාශකයෙක් වී පසුව පුවත්පත් හිමිකරුවෙක් ද විය.
’නිව්යෝර්ක් වර්ල්ඩ්’පුවත්පතේ හිමිකරු වන විට ඔහුගේ ඇස් අර්ධ වශයෙන් අන්ධ වී තිබුණි.වසර අටක් නවයක් ගත වන විට ඔහුගේ දෑස් සම්පූර්ණයෙන් ම අන්ධ විය.ශබ්ද අසා සිටීමට නොහැකි තත්ත්වයක් ඔහුට ඇති වූ නිසා වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දුන්නේ,විවේකී මනසින් ජීවත් වීමටයි.එහෙත් ඔහු සාගර යාත්‍රාවක හිඳ සිය පුවත්පතේ කටයුතු කළ බව සඳහන් ය.ජීවිත කාලයෙන් අඩක් පමණ අඳ නෙතින් ලෝකය දෙස බැලූ මේ අසහාය මිනිසා අන් කවරෙකුත් නොව “ජෝශප් පුලිස්ටර්”ය
නූතන ජනමාධ්‍ය කලාව නැංවීම සඳහා ප්රමුඛ මෙහෙවරක් ඉටු කළ ‘පුලිස්ටර්’ සිය ඉරණම ස්වෝත්සාහයෙන් ම ජයග්‍රහණයේ මාවතට මෙහෙයවූ අසහාය මිනිසෙකි
Subscribe to:
Post Comments (Atom)
ඉගෙන ගන්නට ඉගෙන ගන්න.
මිනිසුන් වූ අපට ජීවිතයේ ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.බහ තෝරන වියේ සිට මරණ මංචකය දක්වා ම අපි බොහෝ දේ ඉගෙන ගන්නෙමු.මෙහි ඉගෙනීම යනුවෙන් මා අදහස් කරන්...
-
එදිනෙදා නෙත ගැටෙන ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි බස කෙසේ හැසිරවිය යුතු ද,එය නිවැරදි විය යුත්තේ කෙසේ ද යන්න බොහෝ ලිපිවල අඩුවක් නැතිව දක්වන බව කිව ම...
-
ජන සාහිත්‍යය පිළිබඳ හැදෑරීම් සිදු කළ අපරදිග පඬිවරු ජාතක කතා යන්න ජන ව්‍යවහාර සමූහයක් ලෙස හඳුනාගෙන ඇත.Folklore යනුවෙන් ඉංග්‍රීසියේ එන ජනශ්ර...
-
මිනිසා හුදෙකලා සත්ත්වයෙක් නොවන බැවින් මිනිසාගේ සමාජීය සම්බන්ධතා ප්‍රශ්න කිරීම උගහට වේ. එම නිසා ම මනුෂ්‍යයා සංකීර්ණ සමාජ ක්‍රියාවලියක...

නියමයි..
ReplyDeleteඇත්ත
ReplyDeleteNiyamaine
ReplyDeletegood story
ReplyDelete